Home » ලයිට් කපන මුවාවෙන් ඇවිත් මුලතිව් ගම්මාන කීපයකින් තරුණයන් පිරිසක් ලක්ෂ 3ක් කොල්ලකාලා

ලයිට් කපන මුවාවෙන් ඇවිත් මුලතිව් ගම්මාන කීපයකින් තරුණයන් පිරිසක් ලක්ෂ 3ක් කොල්ලකාලා

by mahesh
January 5, 2024 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

එකතු වී ඇති විදුලි බිල්පත් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීමට පැමිණි බව කියමින් මුලතිව් උඩප්පුකුලම් ඇතුළු ගම්මාන කීපයකට පැමිණි තරුණයින් පිරිසක් නිවැසියන් බියවද්දා රුපියල් ලක්ෂ තුනක පමණ මුදලක් ඉකුත් දින කීපයේදී පැහැරගෙන පලාගොස් තිබේ.

ඔවුන් විදුලිබල මණ්ඩලයේ විදුලිය විසන්ධි කරන්නන් බව පවසා විදුලිය විසන්ධි නොකිරීමට නම් බිල්පතේ සඳහන් මුදලින් හරි අඩක් හෝ වහාම ගෙවන ලෙස නිවැසියන්ට බලපෑම් කොට තිබේ.

බියට පත් ගම්වාසීන් එම තරුණයින්ට මුදල් ලබා දී තිබේ. විදුලිය විසන්ධි කරන්නන් ලෙස පැමිණි පිරිස ගෙවූ මුදල සඳහන් කරමින් ව්‍යාජ බිල්පත්ද නිවෙස් හිමියන්ට ලබා දී තිබේ.

මුදල් ගෙවා දින තුනක් පමණ ගත වූ පසුව විදුලිබල මණ්ඩලයේ විදුලිය විසන්ධි කරන නියම නිලධාරින් පැමිණ විදුලිය විසන්ධි කිරීමට සූදානම් වූ අවස්ථාවේදී නිවැසියන් තමන් මුදල් ගෙවූ බව එම නිලධාරින්ට පවසා තිබේ.

තම නිවෙස්වල විදුලිය විසන්ධි කිරීමට පැමිණි තරුණයින් විසින් ලබා දෙන ලද බිල්පත් ඇතමුන් පොලිසියටද තවත් සමහරු විදුලිබල මණ්ඩලයටද ඉදිරිපත් කොට තිබේ. මේ තත්ත්වය මත පොලිසිය හා විදුලිබල මණ්ඩලය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර, එම පරීක්ෂණ කටයුතු නිමවනතුරු එම ගම්මානවල වැසියන්ගේ විදුලිබල සැපයුම් විසන්ධි කිරීම විදුලි බල මණ්ඩලය විසින් තාවකාලිකව නවතා දමා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT