Home » අඹ යාළුවාගේ ATM පත සොරාගෙන අටදාහක බෝතල් අරන්

අඹ යාළුවාගේ ATM පත සොරාගෙන අටදාහක බෝතල් අරන්

by mahesh
January 5, 2024 1:00 am 0 comment

මීගහතැන්න සමූහ

අඹ යහළුවාගේ බැංකු කාඩ්පත හොරකම් කර රුපියල් 7800ක මත් පැන් මිලදී ගත් 23 හැවිරිදි තරුණයෙකු පෙරේදා (03) අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

ඉංගිරිය කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක එකට වැඩ කරන මිතුරන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු පෙරේදා (03) වැඩපළේ බෑග් තබන කාමරයෙන් අනෙකාගේ බැංකු කාඩ්පත හොරකම් කර ඇත. හොරකම් කළ බැංකු කාඩ් පතෙන් ඉංගිරිය නගරයේ මත්පැන්හලකින් රුපියල් 7800ක මත්පැන් බෝතල් දෙකක් මිලදීගෙන නැවත යළි තවත් මත් පැන් බෝතලයක් ගැනීමට උත්සාහ කර ඇතත් ඒ සඳහා මුදල් තිබී නැත. මේ අතරතුර පළමු ගනුදෙනුව අයිතිකරුගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබී තිබේ.

ජංගම දුරකතනයට ලද කෙටි පණිවිඩය සමඟ වහා ක්‍රියාත්මක වු බැංකු කාඩ්පත හිමිකරු ඉංගිරිය පොලිසියට සිද්ධිය පිළිබඳ පැමිණිලි කර ඇත. ආරක්ෂිත කැමරා පරීක්ෂා කර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ සොයා බලද්දී කර්මාන්ත ශාලාවේ එකට වැඩ කරන තම අඹ යහළුවා බව ද හෙළිවී ඇත. සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT