පාදුක්ක, අංගම්පිටිය ප්‍රදේශයේ සිල්ලර වෙළඳ සැලක් බිඳ එහි තිබූ රුපියල් 50,000කට අධික භාණ්ඩ සොරකම් කර, පොලිසිය මගහැර සිටි ‘ජූක්කුවා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු හෙරොයින් ග්‍රෑම් 06ක් සමඟ අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පැවසීය.
මෙම පුද්ගලයා වෙළඳ සැල බිඳ එහි තිබූ ආහාර ද්‍රව්‍ය, සිගරට් සහ තවත් පාරිභෝගික භාණ්ඩ රැසක් සොරකම් කර, ඒවා බාහිර පාර්ශ්වයන්ට අලෙවි කර ඉන් උපයාගත් මුදල්වලින් හෙරොයින් සහ ගංජා පාවිච්චි කර ඇති බව සැකකරුගේ ප්‍රකාශවලින් තහවුරු කරගෙන තිබේ. පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු තවත් මෙවැනි සොරකම් කර ඇත්ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි.
පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ ජයසිංහ, පොලිස් සැරයන් (42946) සමන් කුමාර, (92513) මධුශංක, (9695) චමෝද, (83911) පෙරේරා යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.