කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි මවක, දියණියක සහ හමුදාවෙන් පලා ගිය සෙබළකු ඇතුළු සිවුදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තිහක්, යුද හමුදා නිල ඇඳුම් හා ටී පනස්හය උණ්ඩ දහයක් සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දූනගහ ඉඳුරාගාර ප්‍රදේශයේ තිදෙනකු සහ බඩල්ගම පදිංචිකරුවෙකි.
පොලිස් කණ්ඩායමක් දූනගහ ප්‍රදේශයේ සිදු කළ වැටලීමේදී යතුරුපැදියක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එම පැදිකරු සහ පසුපැදිකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වී ඇත. යතුරුපැදිය පදවාගෙන ගොස් ඇත්තේ මාස හයකට පමණ පෙර හමුදාවෙන් පලා ගිය සෙබළෙකු බව හෙළිවීමෙන් පසු පොලිසිය ඔහු ආ ගිය ඉඳුරාගාර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කර තිබේ. දරුණු ගණයේ බල්ලන් තිදෙනෙකු නිදැල්ලේ හැසිරීමට දමා දැඩි ආරක්ෂාවක් සහිතව පැවති එම නිවසේ සැකකාර හිටපු හමුදා භටයාගේ ඥාති කාන්තාවක හා දියණියක පදිංචිව සිට ඇති බවත් ඔවුන් සතුව ද අයිස් මත්ද්‍රව්‍ය තිබී පොලිස් භාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි.