Home » තීරු බදු නොගෙවා ගෙනා සිගරට් අල්ලයි

තීරු බදු නොගෙවා ගෙනා සිගරට් අල්ලයි

by mahesh
January 5, 2024 1:00 am 0 comment

කොටදෙනියාව සමූහ - එම්. පුෂ්පකුමාර සහ වේයන්ගොඩ විශේෂ

නිට්ටඹුව නගරයේ ඊයේ 4 දහවල් සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී තීරු බදු නොගෙවා මෙරටට ගෙනා බව කියන දුම්වැටි තොගයක් විකිණීමට ගෙන යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු මෙම දුම්වැටි තොගය අලෙවි කිරීම පිණිස නිට්ටඹුව ප්‍රදේශයට රැගෙන විත් ඇති බව හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මැල්සිරිපුර සිට පැමිණි මෙම පුද්ගලයා පරීක්ෂා කිරීමේදී සඟවා තබා ගෙන තිබූ දුම්වැටි බන්ඩල 5ක් පොලීසියට හමු වී ඇත. එක් බණ්ඩලයක දුම්වැටි 200 බැගින් දුම්වැටි 1000ක් තිබූ බව පොලීසිය පවසයි. තීරු බදු රහිතව මෙරටට ගෙන්වා ඇති දුම්වැටි තොගය රුපියල් එක්ලක්ෂ පනස්දහසක් පමණ වටිනාකමකින් යුක්ත බව පොලීසිය පවසයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT