366
යුක්තිය මෙහෙයුමට සමගාමීව ඊයේ (05) දහවල් කාලයේ සිට කොළඹ සිට පැමිණෙන සියලුම දුර ගමන් සේවා බස්රථ පරීක්ෂා කිරීම පාණදුර නගරයේදී සිදුවිය.
මෙම බස් රථ පරීක්ෂා කිරීම සඳහා පාණදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ද පරික්ෂා කිරීම සඳහා එක්ව සිටින අයුරු දැක ගන්නට ලැබුණි.
මෙහිදී සියලුම දුර ගමන් සේවා බස් රථ පාණදුරදී පොලිස් මාර්ග බාධකයක් යොදා නවතා එම බස් රථවල සිටින මගීන් බස්සවා ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීම සහ හොරණ රෝමී නිල පොලිස් සුනඛයා යොදවා බස් රථ ඇතුළත පරීක්ෂා කරන ලදි.