Home » අස්ථානගත වූ ‘බැගී ග්‍රීන්‘ යළි ඩේවිඩ් වෝනර්ට හමුවෙලා

අස්ථානගත වූ ‘බැගී ග්‍රීන්‘ යළි ඩේවිඩ් වෝනර්ට හමුවෙලා

by chanaka
January 5, 2024 2:18 pm 0 comment

‘බැගී ග්‍රීන්‘ කොළ පැහැතිහිස්වැසුම නැවත ලැබුණු බව ඔස්ට්‍රේලියා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් පවසයි.

මෙල්බන් සිට සිඩ්නි අතරදී ඔහුගේ හිස්වැසුම අස්ථාන ගතවූ බවත් එය ආපසු ලබා දෙන ලෙසත් වෝනර් ඉල්ලා පසුගියදා ඉල්ලීමක් කළේය.

පාකිස්ථාන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දින දෙකකට පසු එය නැවත ඔහු වෙත ලැබී ඇති බව ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් මගින් වෝනර් පවසා ඇත.

එය සොයාදීමට මැදිහත් වූ පාර්ශව වෙත ස්තූතිය පලකරන බවත්, හිස්වැසුම ඕනෑම ක්‍රීඩකයෙකුට වටිනා සිහිවටනයක් බවත් ඔහු සඳහන් කරයි.

ඩේවිඩ් වෝනර් පාකිස්ථානය සමග දැන් පැවැත්වෙන තරගයෙන් පසු සමුගන්නා අතර, එක්දින පිටියෙන්ද ඔහු ඉවත්වීමට තීරණය කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT