Home » යුක්තිය මෙහෙයුමෙන් තවත් 1133ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුමෙන් තවත් 1133ක් අත්අඩංගුවට

by chanaka
January 6, 2024 1:10 pm 0 comment

පසුගිය පැය 24ක කාලය තුළ යුක්තිය මෙහෙයුමෙන් හෙරොයින් ග්‍රෑම් 405කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.

මෙහෙයුමේදී සැකකරුවන් 1133 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

යුක්තිය මෙහෙයුමට සමගාමීව සියලු පොලිස් ස්ථාන සම්බන්ධ වී සිදුකළ රථවාහන පරික්ෂාවේදී නීති විරෝධී ද්‍රව්‍ය රැසක් සොයා ගෙන තිබේ. පරික්ෂාවට ලක්කළ වාහන සඳහා විශේෂ ස්ටිකරයක් හදුන්වාදීම ද සිදු කර ඇත.

යුක්තිය මෙහෙයුම තුලින් පසුගිය පැය 24ක කාලය තුලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 1133 දෙනා අතරින් 54 දෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකෙරේ.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයන් 38 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 86 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT