Tuesday, May 13, 2025
Home » රුපියල් විසි ලක්ෂයක නීතිවිරෝධී දුම්වැටි ගෙනා ව්‍යාපාරිකයෙක්

රුපියල් විසි ලක්ෂයක නීතිවිරෝධී දුම්වැටි ගෙනා ව්‍යාපාරිකයෙක්

by chanaka
January 6, 2024 1:27 pm 0 comment

රුපියල් විසි ලක්ෂයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සිය ගමන් මලු තුළ සඟවා ගෙන නීතිවිරෝධී ලෙස ඕමානයේ සිට මෙරටට රැගෙන ඒමට තැත් කළ ව්‍යාපාරිකයෙකු අද(06) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු තංගල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

මෙම සැකකරු මීට මාස දෙකකට පමණ පෙර මෙසේ නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගය රැගෙන ඒම සඳහාම සංචාරක වීසා යටතේ ඕමානය වෙත ගොස් ඇතැයි අනාවරණය කර ගෙන ඇත.

මොහු අද අලුයම 04.03 ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ සූක්ෂම ලෙස සඟවා ගෙන තිබූ ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 20,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 100 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙම දුම්වැටි තොගය ශ්‍රී ලංකාව තුළ අලෙවි කළේ නම් ඔහුට රුපියල් ලක්ෂ පහක පමණ ශුද්ධ ලාභයක් උපයා ගත හැකිව තිබූ බව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් හමුවේ අනාවරණය කර තිබුණි.

මෙසේ අත් අඩංගුවට ගත් දුම්වැටි තොගය සහ මේවා මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ආ ව්‍යාපාරිකයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කටුනායක ටී.කේ.ජී.කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT