Home » ආසියාවේ ධනවතුන් අතර අදානි යළි පෙරමුණට

ආසියාවේ ධනවතුන් අතර අදානි යළි පෙරමුණට

by Gayan Abeykoon
January 6, 2024 1:30 am 0 comment

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නැවත මුල්තැනට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරන්නේ මේ වන විට අදානිගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 97.6 දක්වා ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව ඔහු ලොව ධනවතුන් අතර 12 වැනි තැනට පත් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඔහුට පෙර ආසියාවේ ධනවතා බවට පත් වී සිටි ඉන්දියාවෙහිම තවත් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන මුකේෂ් අම්බානි දෙවැනි තැනට පත් වී ඇති අතර, ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 97ක් බව බ්ලූම්බර්ග් වෙඩි අඩවිය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT