Thursday, May 15, 2025
Home » ජපාන භූ කම්පනයෙන් 242ක් අතුරුදන්

ජපාන භූ කම්පනයෙන් 242ක් අතුරුදන්

by Gayan Abeykoon
January 6, 2024 1:28 am 0 comment

නව වසර උදාවත් සමඟ ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයේ සිදු වූ රිච්ටර් මාපකයේ 7.6ක අගයක් ගත් ප්‍රබල භූ කම්පනයෙන් බිඳ වැටුණු නිවාස සහ ගොඩනැඟිලිවලට යට වීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 92 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තවත් පුද්ගලයන් 242 දෙනකු අතුරුදන් වී ඇති බවට ලද තොරතුරු මත දැවැන්ත මෙහෙයුමක් සිදු කළද, කිසිදු පුද්ගලයකු සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ද වාර්තා වේ. එම මෙහෙයුම් සඳහා සෙබළුන් හා නිලධාරීන් 4,600 දෙනකු සහභාගි වී ඇති අතර, පැය 72කට පසු ඊයේ අවසන් කිරීමට තීරණය වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අතුරුදන් වූ බොහෝ පුද්ගලයන් ඔවුන්ගේ බිඳ වැටුණු නිවාස සුන්බුන්වලට යටවී ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි අනුමාන කර තිබේ.

ටෝකියෝ අගනුවරට කිලෝමීටර් 300ක් දුරින් පිහිටි එම ප්‍රාන්තයේ භූ කම්පනයෙන් පසු නගර රැසකට අධි අවදානම් සුනාමි රතු නිවේදන නිකුත් කර තිබිණි. ජපාන වේලාවෙන් පෙරේදා පස්වරු 4.10ට පමණ එම භූ කම්පනය සිදුවීමෙන් පසු තවත් අතුරු කම්පන 20ක් පමණ සිදුවී ඇති අතර, නිවාස සහ ගොඩනැඟිලි මෙන්ම මහාමාර්ග රැසක් ද විනාශ වී තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT