Home » යුක්‍රේන ප්‍රහරයකින් රුසියාවේ 25කට දිවි අහිමි වෙයි

යුක්‍රේන ප්‍රහරයකින් රුසියාවේ 25කට දිවි අහිමි වෙයි

by chanaka
January 6, 2024 2:47 pm 0 comment

රුසියාවේ “බෙල්ගරඩ්” නගරයට යුක්‍රේන හමුදාව දැඩි ප්‍රහාර එල්ල කර ඇත. එහිදී 25 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

යුක්‍රේන ප්‍රහාරවලින් පසු රුසියාවේ “බෙල්ගරඩ්” නගරයේ ඇතැම් පදිංචිකරුවන් ඉන් ඉවත්ව යමින් සිටින බව ද වාර්තා වේ. 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව රුසියානු බලධාරීන් පවසයි.

රුසියාව විසින් යුක්‍රේනය, ආක්‍රමණය කිරී‍මෙන් පසු යුක්‍රේන හමුදාව රුසියාව වෙත එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයක් ලෙස විදෙස් මාධ්‍ය මෙය පෙන්වා දෙයි.

නගරයෙන් ඉවත්ව යන පදිංචිකරුවන් සඳහා තාවකාලික නවාතැන් සහ අනෙකුත් සහන සැලසීමට පියවර ගනිමින් සිටින බව, රුසියානු බලධාරීන් පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT