Home » ට්‍රම්ප් ගැන ඓතිහාසික නඩුවක්

ට්‍රම්ප් ගැන ඓතිහාසික නඩුවක්

by chanaka
January 6, 2024 3:05 pm 0 comment

අමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද යන්න තීරණය කිරීම සඳහා ඓතිහාසික නඩුවක් විභාග කරන බව අමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ.

2024 ඡන්දයෙන් ඔහු ඉවත් කිරීමට කොලරාඩෝ ප්‍රාන්ත අධිකරණය ගත් තීරණයට එරෙහි ව ට්‍රම්ප්ගේ අභියාචනය විභාගයට ගැනීමට විනිසුරුවරුන් එකඟ වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නඩුව පෙබරවාරි මාසයේ දී විභාගයට ගැනීමට නියමිත අතර තීන්දුව රටපුරා බලපැවැත්වේ.

ට්‍රම්ප් වසර තුනකට පෙර එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදීමට අනුබල දුන් බවට තර්ක කරමින් ප්‍රාන්ත ගණනාවක නඩු පවරමින් ඔහු නුසුදුස්සෙකු කිරීමට උත්සාහයක් පවති.

ට්‍රම්ප්ගේ මෙම අභියාචනය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ප්‍රාන්ත 27 ක නීතිපතිවරුන් කොලරාඩෝ ප්‍රාන්ත තීන්දුව ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් ගොනු කිරීමෙන් පසුවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT