ගාසා තීරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (4) නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, පලස්තීන-ඊශ්‍රායල ගැටුම ආරම්භ වීමෙන් පසු, මේ වනවිට පලස්තීනුවන් 22,438 ක් මිය ගොස් ඇති අතර, 57,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant ඊයේ ගාසා තීරය සඳහා ඊළඟ අදියරේ ඊශ්‍රායලයේ යුද මෙහෙයුම් සැලැස්ම ඉදිරිපත් කළේ ය.
උතුරු ගාසා තීරය වඩාත් ඉලක්කගත ප්‍රදේශය වන අතර, එහි දකුණු කොටසේ සිටින හමාස් සංවිධානයේ නායකයන් පසුපස හඹා යාම අඛණ්ඩව සිදුකරන බව ද ඔහු පැවසීය.
ගැටුම් අවසන් වීමෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරය පාලනය නොකරනු ඇති නමුත්, එහි ගමන් කිරීමේ නිදහස ඊශ්‍රායලය රඳවා ගනු ඇත. එසේම,ගාසා තීරය පලස්තීනුවන්ට පාලනය කළ හැකි නමුත්, එය ඊශ්‍රායලයට සතුරු හෝ තර්ජනාත්මක නොවිය යුතුය යන කොන්දේසිය මත පැවතිය යුතු බව ද Yoav Gallant පවසා තිබේ.