Home » රතු මුහුදේ ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමට චීනය සූදානම්

රතු මුහුදේ ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමට චීනය සූදානම්

by chanaka
January 6, 2024 4:58 pm 0 comment

රතු මුහුදේ ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා අදාළ පාර්ශ්ව සමග එක්ව ක්‍රියාකිරීමට චීනය සූදානම් වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය උප නියෝජිත Geng Shuang මේ බව පැවසුවේ, ආරක්ෂක මණ්ඩලය 3 වැනිදා පැවැත්වූ රතු මුහුදේ තත්ත්වය පිළිබඳ හදිසි විවෘත රැස්වීමේ දී ය.

කලක සිට රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශවල බොහෝ අවස්ථාවලදී සිදුව ඇති ප්‍රහාර හා වාණිජ නෞකා අත්අඩංගුවට ගැනීමේ සිද්ධීන් පිළිබඳ සිහිපත් කළ Geng Shuang ඒ සම්බන්ධයෙන් චීනයේ කණස්සල්ල පළ කළේය. සිවිල් නෞකාවලට බාධා කිරීම් නතර කරන ලෙසත්, විවිධ රටවල නෞකාවන්ට එම ප්‍රදේශයේ යාත්‍රා කිරීමේ අයිතිවාසිකම් සහතික කරන ලෙසත් චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. එම ප්‍රදේශයේ යාත්‍රා කිරීමේ  දී හිමිවිය යුතු සුරක්ෂිතභාවය වෙනුවෙන් ලොව බලවත් රටවල් සිය වගකීම් හා යුතුකම් ඉටු කළ යුතු බව චීනයේ අදහස යි.

ගාසා තීරයේ පවතින ගැටුම්වලින් එල්ල වන බලපෑම් ද රතු මුහුදේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට හේතු වී ඇත. එහි හැකි ඉක්මණින් සටන් විරාමයක් ක්‍රියාවට නැංවීම, රතු මුහුදේ තත්ත්වය තවදුරටත් උග්‍ර වීම වළක්වා ලනු ඇතැයි ද Geng Shuang අවධාරණය කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT