Home » 2024 චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන සැලැස්ම පිළිබඳ සැසියක් බෙයිජිං හි දී

2024 චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන සැලැස්ම පිළිබඳ සැසියක් බෙයිජිං හි දී

by chanaka
January 6, 2024 4:59 pm 0 comment

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්‍ෂණ කොමිසමේ තුන්වැනි පූර්ණ සැසිය ලබන 8 වැනිදා බෙයිජිං අගනුවරදී පැවැත්වීමට නියමිතය. 2024 නව වසරේ පක්ෂයේ පාලන සැලැස්ම කෙරෙහි එම සැසියේ දී අවධානය යොමුකෙරෙනු ඇත.

2023 වසරේ දූෂණය පිටුදැකීම සඳහා චීනය ඵලදායී පියවර රැසක් ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව, එම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රෙගුලාසි උල්ලංඝනය කිරීම් පිළිබඳ නඩු 79,000 කට අධික සංඛ්‍යාවක් විමර්ශනය කර ඇත. ඒ අතරින් ඉහළම සංඛ්‍යාව, ආර්ථික හා සමාජ සංවර්ධන සේවා සහ පරිසර ආරක්ෂණ සේවාවන්හි දී වගකීම් විරහිතව ක්‍රියා කිරී‍ම පිළිබඳ සිදුවීම් වන අතර අදාළ නඩු ගණන 29000 කි. එය සමස්ත සංඛ්‍යාවෙන් 37% ක් වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ පළමු සියවස් ජයග්‍රහණ හිමිකර ගනු ලැබුවේ පක්ෂය හා ජනතාව එක්ව කටයුතු කිරීමෙන් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දී තිබේ. පක්ෂයේ අභිලාෂයන් යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා තවදුරටත් කැප වී ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය බව ද හෙතෙම අවධාරණය කර ඇත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT