Home » දුර ගමන් බස් රථ හදිසි පරික්ෂාවක්

දුර ගමන් බස් රථ හදිසි පරික්ෂාවක්

by chanaka
January 6, 2024 2:05 pm 0 comment

යුක්තිය මෙහෙයුමට සමගාමීව ඊයේ ( 05) සවස මැදවච්චිය ,ඉකිරිගොල්ලෑ ප්‍රදේශයේ දුර ගමන් සේවා බස් රථ පරික්ෂාවක් සිදු විය.

කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ.වික්‍රමනායක මහතාගේ සහ මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් මෙය සිදු කළේය.

එහිදී යාපනය , මන්නාරම හා පුල්මුඩේ සිට ආරම්භ වූ බස් රථ පරික්ෂා කළ අතර මගී ජනතාව දැනුවත් කරමින් ස්ටිකර් ඇලවීමක් ද සිදු කෙරණි.

මැදවච්චිය – ගයාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT