262
ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාවත්, ‘හෙල්දි ලංකා’ ආයතනයත්, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෞද්ධ කටයුතු අංශයත් එක්ව සංවිධානය කරන දහම් පාසල් ගුරුවරුන් සඳහා පවත්වන ලද මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ බෞද්ධ මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවේ දෙවෙනි අදියර අද (06) පෙරවරු 9.00ට කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.දේශීය ඥානය සහ සාම්ප්‍රදායික විද්‍යා පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය සමන් වීරක්කොඩි, හෙල්දි ආයතනයේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසිංහ, අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර, පාඨමාලා සමායෝජක දසනායක ලියනගේ මහත්වරු මේ අවස්ථාවට එක්වෙති.