Home » ශ්‍රී ලංකා-උගන්ඩා ද්විපාර්ශ්වික සබඳතා තර කර ගන්න අවධානය

ශ්‍රී ලංකා-උගන්ඩා ද්විපාර්ශ්වික සබඳතා තර කර ගන්න අවධානය

by chanaka
January 6, 2024 2:19 pm 0 comment

පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ (CSPOC) 27 වැනි සමුළුවට සහභාගී වීම සඳහා උගන්ඩාවේ නිල සංචාරයක නිරතව සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසවේනි මහතා, අග්‍රාමාත්‍ය රොබිනා නබන්ජා මහත්මිය සහ පාර්ලිමේන්තුවේ කථානායක අනීටා අමන්ග් මහත්මිය හමුවිය.

මේ අතර කතානායකවරයා සහ උගන්ඩා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ඔරියම් හෙන්රි ඔකෙලෝ මහතා අතර ද හමුවක් පැවැත්විණි.

මෙහිදී පැවති සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කර ගැනීම පිළිබඳව අවධානය යොමුවිය. දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාව සහ අවබෝධය වැඩි කිරීම මෙන්ම අන්‍යෝන්‍ය උනන්දුවක් ඇති ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර සහ උගන්ඩාවේ ශ්‍රී ලංකා තානාපති වේලුපිල්ලේ කනනාතන් යන මහත්ම මහත්මීහූ ද එක්ව සිටියහ.

2024 ජනවාරි 3 වැනිදා සිට 6 වැනිදා දක්වා උගන්ඩාවේ කම්පාලා නගරයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ (CSPOC) 27 වැනි සමුළුවට සහභාගි වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ජනවාරි 3 වැනිදා උගන්ඩාවට පැමිණියහ. මෙම සමුළුව සදහා පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ව්‍යවස්ථාදායකයන්හි කථානායකවරුන් සහභාගි වීම සිදුවේ. 1969 වසරේදී එවකට කැනඩාවේ පාර්ලිමේන්තුවේ කථානායක ලූෂන් ලැමුරෙක්ස් මහතාගේ මූලිකත්වයෙන් මෙය ආරම්භවී ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT