Tuesday, May 13, 2025
Home » යන්ත්‍ර ඉස්සූ සැක­කරු මාස 18කට පසු අල්ලයි

යන්ත්‍ර ඉස්සූ සැක­කරු මාස 18කට පසු අල්ලයි

by Gayan Abeykoon
January 6, 2024 1:00 am 0 comment

අකුරැස්ස මධ්‍යම විශේෂ - විජිත සල්ගාදු

අකුරැස්ස, දීගල, ලේනම ප්‍රදේශයේ නිවෙසක තිබූ තණකොළ කපන යන්ත්‍රයක් ඇතුළු යන්ත්‍රෝපකරණ කිහිපයක් සොරකම් කළ පුද්ගලයකු වසර එකහමාරකට පසුව අකුරැස්ස පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන 30 හැවිරිදි අවිවාහක සැකකරු සන්තකයේ තිබූ සොරකම් කරන ලද භාණ්ඩ ද පොලිස් භාරයට ගැනිණ. අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් සුදුසිංහගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මවර්ධනගේ මෙහෙයවීමෙන් දීර්ඝ කාලයක විමර්ශනයකින් පසුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ජයලත්, පොලිස් සැරයන්වරුන් වන 19756 සුගතදාස, 39734 නයනජිත් යන නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගත් අතර සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT