Home » බල­පත් නැති ගිනි අවි­යක් තබා­ගත් අය පොලිස් දැලේ

බල­පත් නැති ගිනි අවි­යක් තබා­ගත් අය පොලිස් දැලේ

by Gayan Abeykoon
January 6, 2024 1:00 am 0 comment

බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන

බලපත්‍රයක් නොමැතිව මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයකු පෙරේදා (04) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 49 හැවිරිදි වියේ පසුවන සේන මෝටර්ස්, හොරබොක්ක, ඌව පැල්වත්ත ලිපිනයේ පදිංචි අයෙකි. සැකකරුගේ නිවෙස තුළ ගිනි අවියක් ඇති බවට ලද තොරතුරක් මත පොලිසිය සිදු කළ පරීක්ෂාවකදී මෙම ගිනි අවිය හමු වූ බව ද පොලිසිය සඳහන් කළේය. හිගුරුකඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෙනරත් බංඩාර මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදු කරන බව ද සැකකරු පස්සර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT