Home » පාකි­ස්තා­නය අසීරු ගම­නක

පාකි­ස්තා­නය අසීරු ගම­නක

by Gayan Abeykoon
January 6, 2024 1:28 am 0 comment

ඔස්ට්‍රේලියාව සමඟ සිඩ්නිහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 68කට කඩුලු 7ක් අහිමි වීමෙන් සංචාරක පාකිස්තාන පිල අසීරු තත්ත්වයක පසු විය.

ඊයේ තෙවැනි දිනයට තරගය නතර කරන විට පාකිස්තානය ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ඉදිරියෙන් සිටියේ ලකුණු 82කිනි. මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 313ක් රැස් කළ අතර, ඔස්ට්‍රේලියාවට පළමු ඉනිමේදී රැස් කළ හැකි වූයේ ලකුණු 299ක් පමණි. ඒ අනුව පාකිස්තානයට පළමු ඉනිමෙන් ලකුණු 14ක වාසියක් අත්විය.

සයිම් අයුබ් ලකුණු 33ක් සහ බාබර් අසාම් ලකුණු 23ක් රැස් කළ අතර, වෙනත් කිසිදු දැවී ගිය පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවීමට අවස්ථාවක් නොලැබිණි.

පන්දු යැවීමේදී ජොස් හේස්ල්වුඩ් ලකුණු 9කට කඩුලු 4ක් දවා ගත්තේය.

ඊයේ දිනය ආරම්භ වන විට ලකුණු 116කට කඩුලු 2ක් අහිමිව සිටි ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 299 දක්වා ඉදිරියට ගියේය. මානස් ලැබුස්චේන් ලකුණු 60ක්, මිචෙල් මාෂ් ලකුණු 54ක් රැස් කළ අතර, කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු අවසන් කඩුලු 5 ලකුණු 10ක් තුළ දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. පන්දු යැවීමේදී ආමර් ජමාල් කඩුලු 6ක් බිඳ දැම්මේය.

අද තරගයේ සිවුවැනි දිනයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT