Tuesday, May 13, 2025
Home » මඩකලපුව නව තැපැල් පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට

මඩකලපුව නව තැපැල් පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට

by chanaka
January 7, 2024 9:37 am 0 comment

මඩකලපුව නගරයේ ඉදිකරන ලද නැගෙනහිර පළාත් තැපැල් පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(06) සිදු කෙරිණි.

තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ රු. මිලියන 448ක ආයෝජනයකින් ඉදිකළ මෙම පස් මහල් තැපැල් පරිපාලන සංකීර්ණය තුල නැගෙනහිර නියෝජ්‍ය තැපැල්පති කාර්යාලය,ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය,දිසා පාලන නිලධාරී කාර්යාලය,දිසා ගණකාධිකාරී කාර්යාලය, තැපැල් අභ්‍යාස ආයතනය ඇතුළු අංශ රැසක් ස්ථාපනය කර ඇත.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා, ආහාර සුරක්ෂිතතා සහ වෙළඳ රාජ්‍ය අමාත්‍ය එස් වියලෙන්ද්‍රන් මහතා,ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ. ජේ. මුරලිදරන් මහත්මිය, තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඇතුළු ආරාධිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT