Home » හෝමගම අවට ජනතාවට විශේෂ නිවේදනයක්

හෝමගම අවට ජනතාවට විශේෂ නිවේදනයක්

by yasara
January 8, 2024 10:14 am 0 comment

හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක සිදුවූ කාන්දුවකින් වායුවක් පරිසරයට මුසුවී තිබෙයි

කර්මාන්ත පුරයේ ඇති කර්මාන්ත ශාලාවල සේවකයින්ට මේ පිළිබඳ දැනුවත් කර ඇති බවත් සියලුදෙනා මුඛ ආවරණ පැලඳ සේවයේ නිරත වෙන ලෙසත් පොලීසිය දැනුම් දී තිබෙයි

පවතින දුම සහිත තත්ත්වය හේතුවෙන් මුඛ ආවරණ නිසි ලෙස පළඳින ලෙස ජනතාවට ද දැනුවත් කර ඇත.

මීට මාස කිහිපයකට පෙර ගිනි ගැනීමකට ලක් වූ අදාළ කර්මාන්ත ශාලාවේ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටියදී අද අලුයම දෙකට පමණ එකවර එම වායුව දුමාරයක් ලෙස වාතයට එක්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි

එමෙන්ම යම් අයෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් පවතින්නේ නම් වහාම රෝහල්ගත වෙන ලෙසත් පොලිසිය පවසනවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින්, හෝමාගම පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරන බව වාර්තා වෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT