Home » ගාසා තී‍රයේ දරුවන් සාගින්නේ – එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල කියයි

ගාසා තී‍රයේ දරුවන් සාගින්නේ – එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල කියයි

by chanaka
January 8, 2024 8:32 am 0 comment

ගාසා තී‍රයේ දරුවන් සාගින්නෙන් හා මානසික හිංසනයෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසයි.

එම අරමුදල පසුගියදා නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක් අනුව, ගාසා තීරයේ වයස අවුරුදු 2 ට අඩු දරුවන්ගෙන් 90% ක පිරිසක් නිසි සෞඛ්‍ය තත්ත්වය සහතික කිරීමට අවශ්‍ය තරම් ආහාර ලබා ගත නොහැකි තත්ත්වයක පසුවෙති.

පවතින යුද ගැටුම් එම ප්‍රදේශයේ දරුවන්ගේ මානසිකත්වයට එල්ල කර ඇති බලපෑම් ද අතිශය කනගාටුදායක බව ළමා අරමුදල පවසයි.

Al Jazeera රූපවාහිනි සේවය පසුගියදා (06) පළ කළ වාර්තාවකට අනුව, ගැටුම් හේතුවෙන් මේ වන විට ගාසා තීරයේ සිසුන් හාරලක්ෂයකගේ පමණ අධ්‍යයන කටයුතු අඩාල වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂවාදී කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT