Home » රාජ්‍ය සේවක ජනවාරි පඩිය රු. 5000කින් ඉහළට

රාජ්‍ය සේවක ජනවාරි පඩිය රු. 5000කින් ඉහළට

by chanaka
January 9, 2024 12:27 pm 0 comment

රාජ්‍ය සේවකයන්ගේ වැටුපට අප්‍රේල් මාසයේ සිට ගෙවන බවට අය වැයෙන් පොරොන්දු වූ රුපියල් දස දහසක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5000ක් මේමස වැටුපේ සිටම ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(09) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

වෛද්‍ය විශේෂඥයින්ගේ දීමනාව රුපියල් 35,000කින් ඉහළ දැමීමට සහ සරසවි ආචාර්යවරුන්ගේ දීමනවා 25%කින් වැඩි කිරීමටද මෙහිදී තීරණය වූ බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය. කැබිනට් මණ්ඩලය ඊයේ රැස් වූ අවස්ථාවේදී කැබිනට් තීරණ වලට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව දැනුම් දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT