Monday, May 5, 2025
Home » එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකයන්ගේ 125 වැනි ජන්ම දින සැමරුම

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකයන්ගේ 125 වැනි ජන්ම දින සැමරුම

by sachintha
January 9, 2024 1:53 am 0 comment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වැනි ජන්ම දින සමරු උත්සවය ගාලුමුවදොර එතුමාගේ පිළිරුව අබියසදී ඊයේ (08) පැවැත්විණි. මෙම උත්සවය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැති අතර, මෙහිදී අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ. බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අයුරු.

ඡායාරූප – වාසිත පටබැඳිගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT