Friday, May 16, 2025
Home » ගතවූ පැය 24 තුළ 999ක් අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළ 999ක් අත්අඩංගුවට

by chanaka
January 10, 2024 11:50 am 0 comment

ගතවූ පැය 24 තුළ දිවයින පුරා කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 999ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

එහිදී හෙරොයින් ග්රෑම් 453ක් ,අයිස් ග්‍රෑම් 306ක් ,කොකේන් ග්‍රෑම් 940ක් ගංජා කිලෝ 57ක් සහ මත්පෙති 234ක් නිලධාරීන් භාරයට ගෙන ඇත.

මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මුලු සැකකරුවන් 999 දෙනාගෙන් සැකකරුවන් 31 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කල සැකකරුවන් නොමැත.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 26 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 54 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT