Sunday, May 11, 2025
Home » TIN නිකුත් කිරීම අප්‍රේල් දක්වා කල් යයි

TIN නිකුත් කිරීම අප්‍රේල් දක්වා කල් යයි

by mahesh
January 12, 2024 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ සහ නුවන් කොඩිකාර

එක් එක් රාජ්‍ය ආයතනවලට ගොස් සේවකයන් සඳහා බදු අංකයක් (TIN) විවෘත කර දීමේ වැඩපිළිවෙළ ප්‍රායෝගික ගැටලු හා තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන් තාවකාලිකව කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (11) පැවසීය.

එමෙන්ම ජංගම ගිණුමක් ඇරඹීමේදී, රථ වාහන ලියාපදිංචි කිරීමේදී සහ අලුත් කිරීමේදී ලබන මස 01 වැනිදා වන විට බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් TIN ලබා දිය යුතු යැයි අනිවාර්ය කර තිබූ තීරණය ද අප්‍රේල් දක්වා කල් දැමූ බවත් තාක්ෂණික පහසුකම්වල පවතින ප්‍රමාණවත් නොවන ස්වභාවය නිසා මෙයට කාලය ලබා දීමට තීරණය කළ බවත් ඔහු කීය.

වර්ෂයකට රුපියල් ලක්ෂ දොළහකට වඩා වැඩි ආදායමක් ලබන අවුරුදු 18ට වැඩි පුද්ගලයන් පමණක් බදු ගෙවීම සඳහා සුදුසුකම් ලබයි. මෙලෙස වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලු දෙනා බදු හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය. නමුත් ඔවුන් සියලු දෙනාම බදු බැඳියාවකට යටත් වන බව ඉන් නොකියවේ.

ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැඟිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩම් අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අප්‍රේල් මස සිට අනිවාර්ය බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT