කහතුඩුවේ අධිවේගි පිවිසුම ඉදිරිපිටදී පසුගියදා (9) ඝාතනයට ලක් වූ සිවිල් ගුවන් සේවා නිලධාරිනියයේ ඝාතකයා මීට වසර හයකට පෙර තරුණියක නිරුවත් කර, අත්පා බැඳ, කටට ඇයගේම යට ඇඳුම් ඔබා පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද චෝදනා ලැබූවකු බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මොරටුව ප්‍රදේශයේ හෝටලයකදී 2018 වසරේදී ඒ සිද්ධිය වී තිබේ. මොරටුව පොලිසියට ලද ඒ පැමිණිල්ල අනතුරුව සමථ මණ්ඩලය මඟින් සමථයකට පත් කරගෙන ඇත. කෙසේ වෙතත් ජාතික හැඳුනුම්පත් අංකය ඔස්සේ සැකකරුගේ පෙර වැරදි පරීක්ෂා කිරීමේදී ඔහුට එරෙහිව වෙනත් කිසිදු චෝදනාවක් නැති බවද තහවුරු වී තිබේ. මේ අතර ඝාතනයට ලක් වූ සිවිල් ගුවන් සේවා නිලධාරිනියට සැකකරු වසර ගණනාවක් පෙම් කළ බව පැවසුවත්, තමා ඇයට කළ මේ අපරාධය පිළිබඳ කිසිදු පසුතැවිල්ලක් සැකකරු කෙරෙන් ප්‍රකාශ නොවන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.