විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලකුණු දා ගැනීමේ අරමුණින් පාර්ලිමේන්තුවේදී කතා පවත්වන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (11) ප්‍රකාශ කළේය.අමාත්‍යවරයා වෝදනා කරන්නේ විපක්ෂ නායකවරයාට පමණක් කතා කරන්නට දීමෙන් ඔහු පවසන දේවල් පමණක් ජනගත වන බවයි. එය ඉතා වැරදි ක්‍රියාවක් බවද ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (11) රැස්විය.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ කතාවකට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.
විපක්ෂනායකතුමා අවසර ගත්තේ අතුරු ප්‍රශ්නයක් අහන්නයි. විපක්ෂ නායකතුමා කතා කරන එකේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් එතුමා වටපිටාව සම්බන්ධ කරගනිමින් කතා කරනකොට වෙලාව පිළිබඳ ගැටලුවක් මතුවෙනවා. මෙතුමා විපක්ෂ නායක හැටියට මීට වඩා වගකීමකින් කටයුතු කරන්න ඕන. කතා පවත්වනවට වඩා හොඳයි අදාළ කාරණාව ගැන විෂයභාර ඇමතිතුමාගෙන් ප්‍රශ්නයක් අහන එක. මහජන මුදල් නාස්තිවෙලා තියේනම් ඒකට විධිමත්ව කටයුතු කරන්න. මෙතුමා ලකුණු දා ගන්න කතා පවත්වනවා. නිකම් තුනේ පන්තියේ වැඩ කරන්න එපා විපක්ෂ නායකතුමා. මටත් කතා කරන්න අවසර දෙන්න.