මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම සඳහා යොදවා තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් MI-17 හෙලිකොප්ටරයක්, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුකළ හදිසි ගොඩබෑමකදී අනතුරට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
කෙසේවෙතත් මෙම අනතුරින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවද ගුවන් හමුදාව පවසයි.
ඒ අනුව, පස් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිත ගුවන් හමුදා MI-17 හෙලිකොප්ටරයක් මෙලෙස අනතුරට ලක්ව ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
යානය ගොඩබෑමේදී පැවති දූවිලි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යානය අනතුරට ලක්ව ඇති බව සදහන් වේ.
මේ වන විට අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීම සඳහා සිද්ධිය සිදුවූ ස්ථානයට කණ්ඩායමක් යොමුකර ඇති අතර ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පරීක්ෂණ මණ්ඩලයක් ද පත්කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.