Home » දික්වැල්ල ප්‍රා. ලේ. තනතුර තාත්තාගෙන් දුවට

දික්වැල්ල ප්‍රා. ලේ. තනතුර තාත්තාගෙන් දුවට

පරිපාලන ක්ෂේත්‍රයේ දුර්ලභ අවස්ථාවක්

by mahesh
January 12, 2024 1:00 am 0 comment

ගන්දර සමූහ - ජයසිරි පේදුරුආරච්චි
නව ප්‍රා. ලේ. වැඩ භාරගත් අවස්ථාව

සිය පියා ප්‍රාදේශීය ලේකම් ධුරය දැරූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊළඟ ප්‍රාදේශීය ලේකම් ලෙස පත්වන්නට දියණියකට අවස්ථාව හිමිවන්නේනම් එය සුවිශේෂී සිදුවීමකි.

පසුගියදා එම විශේෂ අවස්ථාව හිමිවූයේ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කළ කේ. රත්නායක මහතාගේ ආදරණීය දියණිය වන මධුමතී රත්නායක මහත්මියටයි.

කළමනාකරණ සහකාර සේවයෙන් රැකියාව අරඹා ආයතනික විභාග සමත් වී පියවර පිළිවෙළින් ප්‍රාදේශීය ලේකම් තනතුර සඳහා පැමිණි කේ. රත්නායක මහතා පරිණත පරිපාලන නිලධාරියෙකු ලෙස විශ්‍රාම ලැබුවේද දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි. විශ්‍රාමික ප්‍රාදේශීය ලේකම් පියා සමඟ පැමිණි මධුමතී රත්නායක මහත්මිය සුබ මෙහොතින් රාජකාරී ආරම්භ කිරීම එක්ව සිටි කාහටත් හැඟුම්බර අවස්ථාවක් විය.

එම අවස්ථාවට ප්‍රදේශයේ ගරුතර මහා සංඝ රත්නය, දික්වැල්ල හිටපු ප්‍රාදේශීය ලේකම් බී. එස්. රංජිත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා මෙන්ම මධුමතී මහත්මියගේ පවුලේ ඥාතීන් හා හිතවතුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT