Home » මාතර හිර‍ෙගදර තාප්පෙට උඩින් මත්කුඩු විසිකළ සැකකරු සොයා මෙහෙයුමක්

මාතර හිර‍ෙගදර තාප්පෙට උඩින් මත්කුඩු විසිකළ සැකකරු සොයා මෙහෙයුමක්

by mahesh
January 12, 2024 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන ගන්දර සමූහ - ජයසිරි පේදුරුආරච්චි

මාතර බන්ධනාගාරයේ පිටත සිට තාප්පයට ඉහළින් බන්ධනාගාරය තුළට විසිකළ තහනම් ද්‍රව්‍ය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මාතර මූලස්ථාන පොලිසිය පවසයි.

පෙරේදා (10) බන්ධනාගාරය තුළට විසිකර තිබූ පාර්සලයක් රාජකාරියේ නියුතු නිලධාරීන් භාරයට ගෙන මාතර බන්ධනාගාර අධිකාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සිදු කළ පරීක්ෂාවේදී එම පාර්සලය තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහිත පැකට්ටුවක්, කේරළ ගංජා, දුම්කොළ 8ක් සහ ලයිටර් 4ක් සොයාගෙන තිබුණි.

මෙම පාර්සලය එදින පෙරවරු 7.00ට පමණ තාප්පයට ඉහළින් විසිකර තිබියදී මෙලෙස අත්අඩංගුවට තිබේ.

එලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගත් තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලය බන්ධනාගාර අධිකාරීවරයා විසින් මාතර මූලස්ථාන පොලිසියට භාරදීමෙන් පසු මෙලෙස පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම තහනම් ද්‍රව්‍ය පාර්සලය බන්ධනාගාරය තුළට විසි කළ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා CCTV දර්ශන හා සැකසහිත ඡායාරූප ඔස්සේ සැකකරු හඳුනාගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT