Home » ටෙනිස්-ක්‍රිකට් මාරු වෙයි

ටෙනිස්-ක්‍රිකට් මාරු වෙයි

by mahesh
January 12, 2024 1:00 am 0 comment

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවෑක් ජොකොවික් සහ ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ට්ව් ස්මිත් පසුගියදා මෙල්බර්න්හි ටෙනිස් ක්‍රීඩාංගණයකදී හමු වූහ.

ජොකොවික් විවෘත ටෙනිස් තරගාලියට ක්‍රීඩා කිරීම සඳහා මේ දිනවල ඔස්ට්‍රේලියාවට ගොස් සිටින අතර, මෙහිදී ස්මිත් සහ ඩිජොකොවික් ටෙනිස් සහ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම බොහෝ දෙනකුගේ අවධානයකට ලක්විණි.

ජොකොවික් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙමින් පන්දු යැවීම සහ පන්දුවට පහරදීම සිදු කළ අතර, ටෙනිස් ක්‍රීඩාවේ නිරත වෙමින් ස්මිත් එල්ල කළ පහරින් මවිත වූ ජොකොවික් සිය හිස නමා ස්මිත්ට ආචාර කරන අයුරු ද දක්නට ලැබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT