Home » සෞදි අරාබියේ දී අනතුරටපත් රසින්ත දිවයිනට

සෞදි අරාබියේ දී අනතුරටපත් රසින්ත දිවයිනට

by yasara
January 16, 2024 11:54 am 0 comment

සෞදි අරාබියේ දී සේවය කරමින් සිටින විට අනතුරට පත් 38 හැවිරිදි රසින්ත ලියනගේ අද (16) අළුයම දිවයිනට පැමිණ තිබෙයි

38 හැවිරිදි රසින්ත ලියනගේ නිට්ටඹුව , පස්යාල ප්‍රදේශයේ පදිංචි කාර්මික වෘත්තීයේ නියැලී දෙදරු පියෙකි .

ඔහු ඉකුත් 2023 වසරේ මාර්තු මස 12 දින සෞදි අරාබියේ කාර්මික රැකියාවක් සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගොස් තිබේ .

එහිදී  ඉකුත් සැප්තැම්බර් 28 වැනි දින ඔහු සේවය කළ ආයතනය පිහිටි තට්ටු ගොඩැල්ලි වහළය මත වතුර ටැංකියක් තැබීමට යාමේදී , එයින් ඇද වැටී මෙසේ අනතුරට පත් වී තිබුණි .

මේ පිළිබඳ රසින්ත දැක් වූ අදහස් ,

මාව වැටුණට පස්සෙ දමාම් නුවර      ” කින් පහත් ” රෝහලට ගෙනෙහින් දැම්මා . ඊට පස්සෙ මං වෙනුවෙන් මම සේවය කළ සමාගමේ මුදල් අවසන් වූ පසු මගේ ටිකට් කැපුවා . මාව එම ආයතනයේ ” ගැරේජ් ” එකකට ගෙනැවිත් දැම්මා .

මගේ ඉනෙන් පහළ කොටස පණ නැහැ . ඒ ගැරේජ් එකේ දි මට එතනම මළ පහ පිට උනා . ඊට  පස්සෙ මගේ ” පස්ස පැත්ත ” කුණු උනා . මාව බලා ගන්න , මට බෙහෙත් ටිකක් දෙන්න කවුරුත් හිටියෙ නැහැ .

ඒ වෙලාවෙදි තමයි සෞදි අරාබියේ සේවය කරන අපේ ශ්‍රී ලාංකික අයියල , අක්කල පිරිසක් ඇවිත් මට උදව් කළේ .

ඒ අතරෙ ඔවුන්  මං ගැන සමාජ මාධ්‍ය සහ ශ්‍රී ලංකාවෙ ජනමාධ්‍ය වල  පුවත් පළ කරල තිබුණා .

ඒ නිසා අද මේ විදිහට ශ්‍රී ලංකාවට එන්න ලැබුණා

මම අවසාන වශයෙන් කියන්නෙ විදේශ රැකියාවකට යනව නම් නීත්‍යානුකූලව , වගකීමෙන් යන්න . මම එහෙම ගිහිල්ලත් මං වෙනුවෙන් කටයුතු කරන්න සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අපොහොසත් වුණා යැයි ද පැවසීය .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT