Saturday, May 10, 2025
Home » දළඹු වසංගතයක් ගැන දැනුම් දීමක්

දළඹු වසංගතයක් ගැන දැනුම් දීමක්

by chanaka
January 18, 2024 2:55 pm 0 comment

දිවයිනේ ප්‍රදේශ ගණනාවක වී වගාවේ කොළ හකුළුවන දළඹු වසංගතය පැතිරෙමින් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මේ දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශවලවලින් නාඳුනන දළඹු විශේෂයක් වී වගාව ආශ්‍රිතව පවතින බවට ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

නමුත් මෙම දළඹු විශේෂය හඳුනා නොගත් දළඹු විශේෂයක් නොව වී වගාව ආශ්‍රිතව සාමාන්‍යයෙන් පවතින කොළ හකුළුවන දළඹු රෝගය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.

මෙම රෝගය පිළිබඳව බතලගොඩ වී පර්යේෂණ ආයතනය විසින් නිලධාරීන් පිරිසක් යොදවා එම දළඹු රෝගය වාර්තා වන ප්‍රදේශවල මූලික අධ්‍යයනයක් සිදු කළ අතර, දිවයිනේ ප්‍රදේශ ගණනාවක එසේ පැතිරෙමින් තිබෙන්නේ කොළ හකුළුවන දළඹු වසංගතය බව එම නිලධාරීහු අනාවරණය කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වී වගාව ආශ්‍රිතව වාර්තා වන මෙම රෝග තත්ත්වය පිළිබඳව වහාම විමර්ශනයක් සිදු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

බතලගොඩ වී පර්යේෂණ ආයතනය සඳහන් කරන ආකාරයටම විශේෂයෙන් මෙම රෝග තත්ත්වය අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල සහ මහවැලි ප්‍රදේශ ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවල ඇති කුඹුරුවල පවතින බවට වාර්තා වේ.

මෙම රෝගයෙන් වගාවන් ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබඳව විශේෂ දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර, අද (18) දින ගල්ගමුව ප්‍රදේශයෙන් එම කටයුතු ආරම්භ කර ඇත.

මෙම දළඹු විශේෂය අලුත් විශේෂයක් නොවන අතර, පවතින කාලගුණික හා දේශගුණික වෙනස්කම් නිසා සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි කොළ හකුළුවන දළඹු විශේෂ වේ.

රෝග තත්ත්වය බරපතලව පවතින්නේ නම් සාමාන්‍ය පළිබෝධ පාලන ක්‍රමවලින් පාලනය කළ නොහැකි අතර, ඒ සඳහා පළිබෝධනාශක භාවිත කිරීමට සිදු වේ. එමඟින් කොළ හකුළුවන දළඹු රෝගය පාලනය කිරීමට හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී. මේ සඳහා පහත සඳහන් පළිබෝධනාශක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇත.

Flubendiamide 24%WG – belt 240WG
Flubendiamide 20%(w/w) WG – Takumi flubendiamide
Chlorantraniliprole 20% + thiamethoxam 20% WG – virtako
Tebufenozide 200g/l SC – mimic
Chlorantraniliprole 200g/1 sc – Coragen
Spinetoram 25% (w/w) WG- Radiant

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT