Tuesday, May 13, 2025
Home » ෂෙල් සමාගම රතු මුහුදේ නෞකා ගමන් අත්හිටුවයි

ෂෙල් සමාගම රතු මුහුදේ නෞකා ගමන් අත්හිටුවයි

by sachintha
January 18, 2024 1:00 am 0 comment

හවුති කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාර අවදානම හේතුවෙන් රතු මුහුද ඔස්සේ යාත්‍රා කරන සියලු නෞකා අත්හිටුවීමට බ්‍රිතාන්‍යයේ ෂෙල් සමාගම තීරණය කර ඇතැයි වාර්තා වේ. හවුති කැරලිකරුවන්ගේ ප්‍රහාර තම කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් එය සැලකිල්ලට ගෙන මේ තීරණය ගත් බව බ්‍රිතාන්‍ය ෂෙල් සමාගම ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. ගෝලීය තෙල් සහ ගෑස් හිඟයකට සහ මිල ඉහළ යෑමකට එය හේතු වනු ඇතැයි මීට පෙර ලෝක ආර්ථික සමුළුවේ ප්‍රධානි බෝර්ජ් බ්‍රෙන්ඩි ප්‍රකාශ කර තිබිණි.

ෂෙල් සමාගම රතු මුහුද හරහා සිය නෞකා යාත්‍රා කිරීම අත්හිටුවීමට පෙර පසුගිය සතියේදී බ්‍රිතාන්‍ය තෙල් සමාගම ද රතු මුහුද හරහා සිය නෞකා ගමනාගමනය අත්හිටුවීමට පියවර ගෙන තිබූ අතර, ඊට පසුදිනම කටාර් රාජ්‍යය ද එම පියවර ගනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT