Wednesday, March 26, 2025
Home » උතුරු කොරියාව සමග සබඳතා තර කිරීමට සූදානම්වන රුසියාව

උතුරු කොරියාව සමග සබඳතා තර කිරීමට සූදානම්වන රුසියාව

by chanaka
January 18, 2024 12:57 pm 0 comment

උතුරු කොරියාව සමග සියලු ක්ෂේත්‍රයන් හි පවතින සබඳතා තර කිරීමට සූදානම් බව රුසියාව කියාසිටී. ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මහතා උපුටා දක්වමින් එරට TASS ප්‍රවෘත්ති ඒජන්සිය මේ බව ඊයේ (17) වාර්තා කළේය.

ඉකුත් 14 වැනිදා රුසියාවට පැමිණි උතුරු කොරියානු විදේශ ඇමතිනි Choe Son Hui මහත්මිය, රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගෙයි ලැව්රොව් මහතා සමග 16 වැනිදා සාකච්ඡා පැවැත්වීය. අනතුරුව ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමග ද කෙටි සාකච්ඡාවකට එක් වූ අමාත්‍යවරු දෙපළ, එළඹුණු එකඟතාවන්ට අදාළව දෙරට අතර ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට ද සහභාගි වූහ.

කොරියානු අර්ධද්වීපයේ වත්මන් තත්ත්වය, ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම ජාත්‍යන්තර කලයේ පවතින විවිධ අර්බුද එහිදී සාකච්ඡා කෙරුණු බව ද ක්‍රෙම්ලීන ප්‍රකාශකයා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT