Home » යුක්තියෙන් අපරාධකරුවන් 943ක් අල්ලයි

යුක්තියෙන් අපරාධකරුවන් 943ක් අල්ලයි

by chanaka
January 18, 2024 2:44 pm 0 comment

යුක්තිය මෙහෙයුම යටතේ ගතවූ පැය 24ක කාලය තුළ සැකකරුවන් 943 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම්199 ක්, අයිස් ග්‍රෑම්168 ක්, මත්පෙති 59 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 670 දෙනා අතරින් සැකකරුවන් 9 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, නීති විරෝධී වත්කම් විමර්ශන 01 ක්ද ආරම්භ කර ඇත.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 25 ක් පුනරුත්තාපනය සදහා යොමු කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 32 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT