Saturday, May 10, 2025
Home » දරුවන් බාලදක්ෂ ව්‍යාපාරයට යොමු කරන්න සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරය ස්ථාපිත කළා

දරුවන් බාලදක්ෂ ව්‍යාපාරයට යොමු කරන්න සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරය ස්ථාපිත කළා

by sachintha
January 18, 2024 1:00 am 0 comment

සභාපති ආචාර්ය ඩබ්. චම්පික රෝෂන් ලෝව්

 

මෙරට අධ්‍යාපනය හදාරන ලක්ෂ හතළිස් දෙකකට ආසන්න දරුවන් බාලදක්ෂ ව්‍යාපාරයට යොමු කිරීමේ අරමුණින් ‘සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරය ස්ථාපිත කළ බව එහි සභාපති, ආචාර්ය ඩබ්. චම්පික රෝෂන් ලෝව් මහතා පැවසීය. වසර දෙකක් ඇතුළත තම නව ව්‍යාපාරය සඳහා සමාජිකයන් ලක්ෂයක් ඉක්මවූ පිරිසක් එක්කර ගන්නා බව ද හෙතෙම කීවේය.

‘සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරය’ ස්ථාපිත කිරීමේ අරමුණ පැහැදිලි කිරීම සඳහා ගල්කිස්ස හොටෙල් හවුස්චන්ද්‍රාහි පෙරේදා (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව මේ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ජනගත කිරීම සඳහා ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනයේ (World Federation OF Indipendent Scout) සභාපති Klaus Albert Tegeder මහතා ලංකාවට පැමිණ සිටින බව ද ඔහු පැවසීය.

සිය ව්‍යාපාරය වසර දෙකකට අධික කාලයක් මෙරට තුළ ක්‍රියාත්මක වූ බවත්, එහෙත් එහි නිල වශයෙන් ප්‍රධාන කොමසාරිස්වරයා පත් කිරීම Klaus Albert Tegeder මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බවත් පැවසූ ඒ මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සමඟ එක්ව සිටිමින් ලබාගත් දැනුම උපයෝගී කර ගනිමින් නව ව්‍යාපාරය තමන් ආරම්භ කළ බවත්, බාලදක්ෂ ව්‍යාපාරය තුළ අත්දැකීම් ලබාගෙන ඇති සිය දියණියන් දෙදෙනා ජාත්‍යන්තර හා වැඩසටහන් කොමසාරිස්වරුන් ලෙස කටයුතු කරන අතර අනෙක් තනතුරුද කඩිනමින් පත්කරන බවත් ප්‍රකාශ කළේය.

මේ වන විට බාලදක්ෂ ව්‍යාපාරය සංවිධාන තුනක් යටතේ ලෝකයේ ක්‍රියාත්මක වන අතර එංගලන්තය, ජිනීවා හා ජර්මනිය කේන්ද්‍ර කර ගනිමින් එම සංවිධාන ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ලෝව් මහතා කීවේය.

ඡායාරූපය – සුදත් මලවීර

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT