348
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ජෝන් කෙරී මහතා අතර හමුවක් පැවැත්විණ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.