Saturday, May 10, 2025
Home » හෙරොයින් එක්ක 5ක් මාට්ටු

හෙරොයින් එක්ක 5ක් මාට්ටු

by sachintha
January 18, 2024 1:00 am 0 comment

හෙරොයින් ග්‍රෑම් 22යි මිලිග්‍රෑම් 150ක් සමඟ සැකකරුවන් පස්දෙ‍ෙනකු පසුගියදා (05) අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් පසුගියදා (15) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

යුක්තිය මෙහෙයුම යටතේ මේ දිනවල අනුරාධපුර පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති මෙහෙයුමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර, මෙහිදී අත්අඩංගුවට පත් වූයේ අනුරාධපුර නගරය අවට පදිංචි අවුරුදු 40 – 45 වයසේ පසු වන පුද්ගලයන් බව පොලිසිය පවසයි.

අනුරාධපුර – වන්නියන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙහි හෙරොයින් ජාවාරම්කරුවා වන අතර, අනෙක් සැකකරුවන් ගැණුම්කරුවන් වන බව පොලිසිය පවසයි. මෙම හෙරොයින් ජාවාරම්කරු , කරන්දෙනිය ප්‍රදේශයේදී වෛද්‍යවරයකු ඝාතනය කර දැනට ඩුබායිවල පදිංචිව සිටින ‘කරන්දෙනියේ සුද්දා’ ගේ ගෝලයකු බවත් මොහු easy cash ක්‍රමය යටතේ ද හෙරොයින් අලෙවි සිදු කරන බව පොලිසිය පවසයි. මෙම හෙරොයින් අලෙවිය අනුරාධපුර නගරයට යාබද ජාත්‍යන්තර පාසලක් ඉදිරිපිට දී සිදු කරමින් සිටිය දී මෙම සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

මෙම සැකකරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කර මොවුන් රැඳවුම් නියෝග මත තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව අනුරාධපුර පොලිසිය පවසයි.

අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT