යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ උපාධිධාරිනියක් ඩෙංගු රෝගයට ගොදුරුවීම නිසා ඊයේ (17) යාපනය ශික්ෂණ රෝහලේදී මියගොස් තිබේ. සංගරී මහාලිංගම් ශිවගුරු නමැති ඇය යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන අතර නල්ලූර් ප්‍රදේශයේ ජනප්‍රිය ගුරුවරයෙකුගේ බිරිය වෙයි. එක්දරු මවක් වන ඇය උණ රෝගයෙන් පෙලීම නිසා රෝහල්ගත කොට අති අතර රෝහලේ දින පහක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබේ.
මියගිය කාන්තාව සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය ඩෙංගු රෝගයෙන් මියගිය බව සනාථ වී ඇත. මේ වන විට යාපනයේ ඩෙංගු රෝගය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන අතර මේ වසරේ මුල් දින 15 ඇතුළත යාපනයෙන් ඩෙංගු රෝගීන් 5028ක් වාර්තා වී තිබේ.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ