නීති විරෝධී ලෙස හක් බෙල්ලන් 30,000ක් නිවසක සඟවා ගෙන සිටි කාන්තාවක් ඇතුළු තුන් දෙනෙකු මන්නාරම පොලිසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මන්නාරම පොලිසිය වෙත ලබා දීමෙන් පසුව අදාළ නිවස පරීක්ෂා කොට නීති විරෝධී හක් බෙල්ලන් හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. නිවස පරීක්ෂා කිරීමේදී මෙම හක්බෙල්ලන්ට අමතරව මුහුදු කූඩැල්ලන් 700ක්, වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්රැම් 19ක් හා වෙනත් කුඩා ප්‍රමාණයේ හක්බෙල්ලන් 17,000ක් ද පොලිසියට සොයා ගැනීමට හැකි වී තිබේ. මෙම සියලුම මුහුදු ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි තුනක් පමණ වන බවට ගණන් බලා ඇත.
මෙම නිවසේ අයිතිකාරියට මුහුදු කූඩැල්ලන් ළඟ තබා ගැනීම සඳහා බලපත්‍රයක් ඇති නමුත් එම බලපත්‍රය කල් ඉකුත් වී ඇති අතර එහි සඳහන් ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක මුහුදු ද්‍රව්‍ය නිවසේ ගබඩා කොට තිබීම නිසා ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තුන් දෙනා මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මන්නාරම පොලිසිය පියවර ගෙන තිබේ.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ