Saturday, May 10, 2025
Home » වන අලියකු වෙඩි තබා ඝාතනය කර රහසිගතව වළ දමලා

වන අලියකු වෙඩි තබා ඝාතනය කර රහසිගතව වළ දමලා

by sachintha
January 18, 2024 1:00 am 0 comment

ඝාතනයකර වළ දැමූ බවට සැක කෙරෙන වන අලියෙකුගේ මළ සිරුරක් නිකැත්තේගම හේන් යායක වළ දමා තිබියදී පෙරේදා (16) පස්වරුවේ සොයාගත් බව මීගලෑව වනජීවි කාර්යාලය පවසයි.

කිසිවෙකු විසින් තවත් පිරිසක් සමඟ එක්ව වන අලියාගේ මළ සිරුර මෙලෙස වළ දමා ඇති අතර මළ සිරුරේ කොටසක් පොළව මතුපිටින් පෙනෙන නිසා එයද පස් දමා වසා, වට්ටක්කා වැල්වලින් ආවරණය කර තිබියදී අලියාගේ මළ සිරුර සොයා ගත් බව ද , මීගලෑව වනජීවි කාර්යාලය පවසයි.

එම හේන් යාය අයිති පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂණවලදී, තමා විසින් වල් අලියාට වෙඩි තබා ඝාතනය කළ බවටත්, නීතියට බියෙන් අලියාගේ මළ සිරුර මෙලෙස වළ දැමූ බවට පාපොච්චාරණය කළ බව ද මීගලෑව වනජීවි කාර්යාලය තව දුරටත් සඳහන් කළේය.

ඊයේ (17) උදෑසන වන විට අලියාගේ මළ සිරුර ගොඩගෙන නොමැති නිසා, මිය ගිය අලියා පිළිබඳව විස්තර ප්‍රකාශ කිරීමට නොහැකි බවද. අලියාගේ මළ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බව ද මීගලෑව වනජීවි කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

මීගලෑව වනජීවි කලාපයේ ප්‍රධානී අයි. එම්. ජී. සෙනවිරත්න මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරති.

 

නිකවැරටිය – ගයන්දි පමෝධා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT