පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා මෘදුකාංගය අන්තර්ජාලයට එක් කළ අයුරු
නැඟෙනහිර පළාතේ පවතින ඉඩම් ගැටලු, පළාත් ඉඩම් කොමසාරිස් වෙත ඍජුවම ඉදිරිපත් කළ හැකි නව මෘදුකාංගය අන්තර්ජාලයට එක් කිරීම පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය පිහිටි පළාත් ඉඩම් අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. ඒ අනුව ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කයන්හි ඕනෑම ඉඩම් ගැටලුවක් මෙම මෘදුකාංගය භාවිත කරමින් තමන්ට ඉදිරිපත් කළ හැකි බව පළාත් ඉඩම් කොමසාරිස් ඩී. එම්. ආර්. එල්. දසනායක මහතා පැවැසීය. එම ගැටලුව අදාළ ප්‍රාදේශීය ලේකම් වෙත මෙම මෘදුකාංගය හරහා යොමු කර විසඳුම එම මෘදුකාංගය හරහා පැමිණිලිකරුට යොමු කිරීමට මෙහි හැකියාවක් පවතින බව ඉඩම් කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ආර්. එම්. පී. එස්. රත්නායක, පළාත් ඉඩම් ලේකම් ඒ. අන්සාර් යන මහත්වරු එක්වූහ.
ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටී. එම්. ගුණානන්ද