Home » නසීර් හොසේන්ට දෙවසරක ක්‍රිකට් තහනමක්

නසීර් හොසේන්ට දෙවසරක ක්‍රිකට් තහනමක්

by sachintha
January 18, 2024 1:00 am 0 comment

බංග්ලාදේශ පිලේ තුන් ඉරියව් ක්‍රීඩක නසීර් හොසේන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් මාස 6කට අත්හිටවූ වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා ඇතැයි වාර්තා වේ. ඔහුට මේ තහනම පනවා ඇත්තේ වසර 2020-21 කාලසීමාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර පැවති ටී10 තරගාවලිය අතරතුර බාහිර පුද්ගලයකුගෙන් අමෙරිකානු ඩොලර් 750ක් වටිනා අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකතනයක් තෑගි ලැබීම ගැන අයිසීසී දූෂණ විරෝධී ඒකකයට වාර්තා නොකිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු වීම හේතුවෙනි.

පූනේ ඩෙවිල්ස් පිල නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගි වූ නසීර් හොසේන් තමාට ලැබුණු ත්‍යාගය පිළිබඳ අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව අයිසීසී දූෂණ විරෝධී ඒකකයේ නිලධාරීන්ට වාර්තා නොකිරීමේ චෝදනාවට අමතරව එම ජංගම දුරකතනය තෑගි කිරීම සඳහා බාහිර පුද්ගලයකු ඔහු වෙත පැමිණීම සහ ඒ පිළිබඳ කරුණු වසන් කිරීම සෙසු චෝදනා අතර ඇතැයි ද වාර්තා වේ. මේ අනුව ඔහුට 2025 අප්‍රේල් මස 7 වැනිදා දක්වා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු ක්‍රියාකාරකම් තහනම් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT