Home » චීන-ඇමරිකානු සබඳතා ජනතාවට සහ ලෝකයට වගකිව යුතුයි – ඇමරිකාවේ චීන තානාපති

චීන-ඇමරිකානු සබඳතා ජනතාවට සහ ලෝකයට වගකිව යුතුයි – ඇමරිකාවේ චීන තානාපති

by chanaka
January 19, 2024 3:37 pm 0 comment

චීන-ඇමරිකානු සබඳතා ඉතිහාසයට, ජනතාවට මෙන්ම ලෝකයට වගකිව යුතු බව ඇමරිකාවේ චීන තානාපති ෂියෙ ෆෙං පවසයි.

චීන-ඇමරිකානු දෙරාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 45 වැනි සංවත්සරය නිමිත්තෙන් ඇමරිකාවේ චීන තානාපති කාර්යාලයේ 16 වැනිදා පැවති උත්සවයේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ජනතාවට හා ලෝකයට වගකීම් සහගත වෙමින් දෙරට සබඳතාව ඉදිරියට ගෙන යන්නැයි ඔහු එහිදී දෙපාර්ශ්වයෙන් ඉල්ලා සිටියේය.

චීන-ඇමරිකානු සබඳතා ඉතිහාසය ජාත්‍යන්තර සබඳතාවන්හි ඉතා වැදගත් පරිච්ඡේදයක් බවට පත්ව තිබේ. එහි අනාගතය දෙරට ජනතාව විසින් අඛණ්ඩව පවත්වා ගත යුතු බව ද හෙතෙම පැවසීය.

ද්විපාර්ශ්වික සබඳතා නිවැරදි දිශාවට යොමුකිරීම පළමුව සිදු කළ යුතුය. දෙරට නායකයන් සැන් ෆ්‍රැන්සිස්කෝ හමුවේ දී එළඹුණු වැදගත් එකඟතා කඩිනමින් ක්‍රියාවට නැංවීම ද අත්‍යවශ්‍ය කටයුත්තකි. ජනතාවට ඉහළ ප්‍රතිලාභ ලබාදීමට පියවර ගැනීම හා දෙපාර්ශ්වය ම වගකීම් සහගත ව ලෝකයට ස්ථාවරත්වය සහ නිශ්චිතභාවය රැගෙන ඒමට ක්‍රියාකිරීම කෙරෙහි ද ඍජු අවධානය යොමු කළ යුතු බව චීන තානාපති Xie Feng මහතා ප්‍රකාශ කළේය. එසේම, පලස්තීන-ඊශ්‍රායල ගැටුම, යුක්‍රේන අර්බුදය, දේශගුණික විපර්යාස සහ කෘත්‍රිම බුද්ධිය වැනි ගෝලීය අභියෝගවලට මුහුණදීම සඳහා සන්නිවේදනය සහ සහයෝගීතා ශක්තිමත් කළ යුතු බව ද හෙතෙම පෙන්වාදෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT