Home » ආයුර්වේද-බටහිර ප්‍රතිකාර ඒකාබද්ධ සහයෝගී සත්කාර සේවාව ඇරඹීමට පියවර

ආයුර්වේද-බටහිර ප්‍රතිකාර ඒකාබද්ධ සහයෝගී සත්කාර සේවාව ඇරඹීමට පියවර

by mahesh
January 19, 2024 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

ආයුර්වේදය හා බටහිර ප්‍රතිකාර ඒකාබද්ධ සහයෝගී සත්කාර සේවාව ආරම්භ කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති, නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවැසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ මහරගම නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පැවති 2024 වර්ෂයේ ප්‍රාග්ධන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“පාරම්පරික ආයුර්වේද සිද්ධ යුනානි දේශීය වෛද්‍ය සේවාවන් එක් ජාතික වැඩපිළිවෙළක් ලෙස දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට 2023 අංක 19 දරන ආයුර්වේද සංශෝධිත පනතෙන් අදාළ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සිදු කරනවා. ආයුර්වේද පර්යේෂණ, ශික්ෂණ රෝහල් සහ පළාත් දිස්ත්‍රික් රෝහල්, ග්‍රාමීය රෝහල්, මධ්‍යම බෙහෙත් ශාලා, නිදහස් බෙහෙත් ශාලාවල ප්‍රතිකාර සහ සේවා සංවර්ධනය කිරීම, කාර්ය මණ්ඩල පුරෝකථනය සහ අනුමත කර ගැනීම, ආයුර්වේද හා බටහිර වෛද්‍ය ඒකාබද්ධ සහයෝගී සත්කාර සේවා ආරම්භ කිරීම, විදේශිකයන් උදෙසා ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර සේවා ආරම්භ කිරීම ඇතුළු දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ වන සංවර්ධන සැලසුම්, පැන නැඟී ඇති ප්‍රශ්න ගැටලු නිරාකරණය, පාරම්පරික වෛද්‍ය ඇතුළු ආයුර්වේද වෛද්‍ය සේවාවේ වෘත්තිකයන් උදෙසා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු වැඩපිළිවෙළ ඵලදායී, කාර්යක්ෂම, ගුණාත්මක දේශීය වෛද්‍ය සේවාවක් දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සිදු කරනවා.”

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ. ටී. එම්. යූ. ඩී. බී. තෙන්නකෝන්, දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම්වරුන් වන චන්දන තිලකරත්න, ශම්මි දෙනාවත්ත, ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු සියලු පළාත් ආයුර්වේද කොමසාරිස්වරු, ආයුර්වේද වෛද්‍ය සභාව, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය, ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව, ඖෂධ සංස්ථාව ඇතුළු සියලු ආයතන ප්‍රධානීහු මේ සාකච්ඡාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT